Arduino Project 3 - හොරු අල්ලන්න Alarm එකක් හදමු. (Theft Alarm Indicator)
ඔයාල කලින් Arduino වලින් Knight Rider Bulb System එකක් හැදුවා මතක ඇති. අද අපි Theft Alarm Indicator එකක් සරලව Arduino වලින් හදමු. කොහොමද මේ Theft Alarm Indicator එක වැඩ කරන්නේ? අපි මේ Arduino පරිපතයට දුර මැනගන්න පුලුවන් වෙන විදියට sensor එකක් ( HC-SR04 Ultrasonic Sensor) සෙට් කරනව. ඒ සංවේදකයේ නියමිත දුරක් ලබාදීලා ඒ දුර ප්‍රමාණය අඩු උනොත් තමයි Alarm එක ක්‍රියාත්මක වෙන්නෙ. HC-SR04 Ultrasonic Sensor එක ගැන දැනගමු. HC-SR04 Ultrasonic Sensor එක සෝනාර් භාවිතයෙන් වස්තුවකට ඇති දුර හඳුනා ගැනීම සඳහා භාවිතා කරන සංවේදකයක්. ඕනෑම රොබෝ විද්‍යාත්මක ව්‍යාපෘති සඳහා එය ඉතා යෝග්‍ය වෙනවා. 2cm - 400 cm අතර දුරින් ඇති ඕනම වස්තුවක් හඳුනා ගන්න මේ Sensor එකට පුලුවන්.😯 Simple Robot Created by using HC-SR04 Ultrasonic Sensor HC-SR04 Ultrasonic Sensor Pinout Details ☑️ VCC Pin - මේ pin එකෙන් තමයි sensor එකට අවශ්‍ය බලය ලබාදෙන්නේ. Arduino board එකෙ 5V pin එකට සම්බන්ධ කරයි. ☑️ Trig Pin - Ultrasonic ශබ්ද තරංග නිපදවීම සඳහා Transmitte...