Arduino Project 3 - හොරු අල්ලන්න Alarm එකක් හදමු. (Theft Alarm Indicator)

 ඔයාල කලින් Arduino වලින් Knight Rider Bulb System එකක් හැදුවා මතක ඇති. අද අපි Theft Alarm Indicator එකක් සරලව Arduino වලින් හදමු. 



කොහොමද මේ Theft Alarm Indicator එක වැඩ කරන්නේ?

    අපි මේ Arduino පරිපතයට දුර මැනගන්න පුලුවන් වෙන විදියට sensor එකක් ( HC-SR04 Ultrasonic Sensor) සෙට් කරනව. ඒ සංවේදකයේ නියමිත දුරක් ලබාදීලා ඒ දුර ප්‍රමාණය අඩු උනොත් තමයි Alarm එක ක්‍රියාත්මක වෙන්නෙ.



HC-SR04 Ultrasonic Sensor එක ගැන දැනගමු.

    HC-SR04 Ultrasonic Sensor එක සෝනාර් භාවිතයෙන් වස්තුවකට ඇති දුර හඳුනා ගැනීම සඳහා භාවිතා කරන සංවේදකයක්. ඕනෑම රොබෝ විද්‍යාත්මක ව්‍යාපෘති සඳහා එය ඉතා යෝග්‍ය වෙනවා. 2cm - 400 cm අතර දුරින් ඇති ඕනම වස්තුවක් හඳුනා ගන්න මේ Sensor එකට පුලුවන්.😯

 

Simple Robot Created by using HC-SR04 Ultrasonic Sensor

 

 

 

HC-SR04 Ultrasonic Sensor Pinout
HC-SR04 Ultrasonic Sensor Pinout Details


☑️ VCC Pin - මේ pin එකෙන් තමයි  sensor එකට අවශ්‍ය බලය ලබාදෙන්නේ. Arduino board එකෙ 5V pin එකට සම්බන්ධ කරයි.

☑️ Trig Pin - Ultrasonic ශබ්ද තරංග නිපදවීම සඳහා Transmitter එකට  අවශ්‍ය තොරතුරු සපයන pin එක තමයි මේ Trig Pin එක. Arduino board එකෙ Digital I/O pin එකකට සම්බන්ධ කරයි.

☑️ Echo Pin - Ultrasonic ශබ්ද තරංග ලබාගන්නා Receiver එකෙන් පරාවර්තනය කරන ලද සංඥාව ලැබුණු විට pin ස්පන්දනයක් නිපදවයි.

☑️ GND Pin - Arduino board එකේ Ground Pin (GND Pin) එකට සම්බන්ධ කරයි.


Theft Alarm Indicator එක හදමු.

අපි දැන් බලමු අපේ Theft Alarm Indicator එක හදන විදිය.

Step 01

ඔයාලා කැමති Arduino simulator එකට log වෙන්න. කැමති නම් Arduino උපාංග ටික මිලදී අරගෙන කරන්නත් පුලුවන්. Arduino Simulators වලින් හොඳම Simulators 2ක් පහළ link වලින් ගන්න පුලුවන්.

Tinkercad Online Simulator - https://www.tinkercad.com/

Wokwi Online Simulator -  https://wokwi.com/

 

මම අද Simulate කරන්නෙ Wokwi එකෙන්. 😌

 

Step 02

Simulator එකට log උනාට පස්සේ අලුත් Project එකක් ආරම්භ කරලා අපට අවශ්‍ය Arduino උපාංග ටික work space එකට ගන්න. අපිට ඕනා,

  1.  Arduino UNO R3 
  2.  HC-SR04 Ultrasonic Sensor
  3. Buzzer (Speaker)
  4. LED Bulb

 

Step 03

පහත විදියට පරිපතය එකිනෙකට සම්බන්ධ කරගන්න.

Connected Arduino Circuit
Connected Arduino Circuit

 

Step 04 - Coding Part

Coding Setup part


 

Coding Loop part

  

⚠️ diagram.jason file එක edit කරලා අපිට පුලුවන් අපේ පරිපතයෙ properties වෙනස් කරන්න. ⚠️

උදා : මම පරිපතයේ LED, Buzzer වල GND එකට සම්බන්ධ වයර් කලු පාට කරලා තියෙන්නේ ඊට අදාළ properties වෙනස් කරලා. (diagram.jason file එකේ 29 පේලිය හා 31 වන පේලියේ color එක black කර ඇත)

diagram.jason file


🔆 Code එක download කරගන්න ඕන නම්   මෙතනින්  download කරගන්න.

🔆 Project එක සම්පූර්නයෙන්ම කරන විදිය පහළ Video එකෙන් බලන්න පුලුවන්.




Comments

Popular posts from this blog

How to install XAMPP on linux?

Begining with GitHub