Arduino Project 01 - "Hello World"

 Arduino UNO Board එක ගැන දැනගමු.

        පළවෙනි project එක කරන්න කලින් Arduino UNO Board එක ගැන පොඩි විස්තරයක් දැනගමු.

  1. Power USB මෙතනින් Arduino board එක USB cable එකක් හරහා පරිගණකයට සම්බන්ධ කරලා Arduino board එකට power එක දෙන්න පුලුවන්.

  2. Arduino Reset Button ➨ Arduino board එක reset කරන්න මේ button එකට පුලුවන්. ඔයාට ඔයාගෙ Arduino program එක මුල ඉඳන් run කරන්න ඔන නම් කරන්න තියෙන්නෙ මේක ඔබන එක 😎

  3. AREF  ➨ Analog Reference කියන එක  තමයි කෙටි කරලා AREF කියල කියන්නෙ. මේකෙන් අපට පුලුවන් External Power Supply එකක් මගින් පරිපතයෙ උපරිම වෝල්ටීයතාව වෙන 5V දක්වා වෝල්ටීයතාවක් ලබාගන්න.

  4. Digital I/O ➨ Digital Input, Output කියවිමට මෙම pin යොදාගනී. එනම් pin මගින් logical values (1,0) කියවීමට පුලුවන්.

  5. TX & RX LED අනුක්‍රමික සන්නිවේදනය (Serial Communication) 😶 කරනකොට තමයි මේ LED ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නෙ Board එක, serial port එක හරහා පරිගනකයට හරි වෙනත් දත්ත (Data) හුවමාරු කරන්න පුලුවන් උපාංගයක් සමඟ සම්බන්ධ වෙලා තියෙන වෙලවක සිදුවන data හුවමාරුවකදි තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ.

  6. Power LED Indicator  ➨ Power එක නිවැරැදිව සම්බන්ධ වෙලාද කියලා බලාගන්න පුලුවන් මේකෙන්.

  7. Main Microcontroller ➨Arduino UNO එකේ ප්‍රධාන කොටස තමයි Microcontroller එක. පරිපතයේ මොළය විදියට වැඩකරන උපාංගය මෙයයි.

  8. Analog Pins ➨ A0 ඉඳන් A5 වෙනකන් Analog pin 6ක් තියෙයි. මේ pin වලින් Analog sensors කියවීම් ලබාගෙන ඒ කියවීම් Microcontroller එකට යවලා ඒවා digital කියවීම් වලට හරවන්න පුලුවන්.

  9.  Vin Pin ➨ පිටතින් ලබාදෙන Power supply කියවිමට යොදාගනී.

  10.  GND ➨ පරිපතය භූගත කිරීමට Ground pin යොදාගනී.

  11. Arduino Reset Pin ➨කලින් තිබුන Arduino Reset Button එකෙන් කරන වැඩේ මේකෙනුත් කරන්න පුලුවන්. පිටතින් වෙනම reset button එකක් සම්බන්ධ කරනවානම් මේ pin එක හරහා තමයි සම්බන්ධ කරන්නේ.

  12. 5V supply ➨ වෝල්ටීයතාව 5ක බල සැපයුමක් ලබාදීමට යොදාගනී.

  13. 3.3V supply වෝල්ටීයතාව 3.3ක බල සැපයුමක් ලබාදීමට යොදාගනී.

  14. Power Barrel Jack ➨Arduino board එකට ඍජුවම බල සැපයුමක් ලබාදීමට මේ Power Jack එක භාවිතා කරයි.

  15. Voltage Regulator ➨වෝල්ටීයතාව  පාලනයට මෙම regulator එක ප්‍රයෝජනවත් වෙනවා. Arduino board එකට ලැබෙන බලය අවශ්‍යතාව අනුව අදාළ උපාංගවලට බෙදාහරින්නේ මෙය මගින්.

  16.  Crystal Oscillator ➨කාලයට සන්වේදී අවස්තා වලදී Crystal Oscillator උපකාරි වෙයි. මෙය මතුපිට නිශ්චිත Hertz අගයක් සටහන් කර ඇත. (උදා : 16,000 H9H = 16,000 Hz = 16 MHz)

 පලවන Arduino පරිපතය.

   Tinkercad Simulator මගින් Arduino පරිපතයක් නිර්මානය කරන ආකාරය පියවරෙන් පියවර.👇




Arduino වලින් Knight Rider Effect එක හදන්න ඊළඟ post එකෙන් දැනගමු.

Comments

Popular posts from this blog

Arduino Project 3 - හොරු අල්ලන්න Alarm එකක් හදමු. (Theft Alarm Indicator)

How to install XAMPP on linux?

Begining with GitHub