Arduino ගැන දැනගමු !

මොකක්ද මේ Arduino?

Arduino image

     

    ඔයාලා Technology field එකේ ඉන්නකොට ගොඩක් වෙලාවට මේ වචනය ගැන අහලා ඇති. Arduino කියන්නෙ open source දෘඨාංග සහ මෘදුකාංග වලින් සමන්විත electronic platform එකක් තියෙන ව්‍යාපෘතියක්. මේ Arduino platform එකේ විශාල පරිශීලක ප්‍රජාවක් ඉන්නවා. මේ community එකෙන් දවසින් දවස අලුත්  ව්‍යාපෘති, අලුත් අදහස් Arduino platform එකට එකතු වෙන නිසාම මේ Arduino platform එක නිතරම වැඩිදියුණු වෙනවා කියලා කියන්න පුලුවන්.

 Arduino සමාගම මගින් ඩිජිටල් උපාංග තැනීම සඳහා තනි පුවරු මයික්‍රොකොන්ට්‍රොලර් (single-board microcontrollers) සහ මයික්‍රොකොන්ට්‍රොලර් (microcontroller) කට්ටල සැලසුම් කර නිෂ්පාදනය කරයි.  මේ Arduino පුවරු වාණිජමය වශයෙන් නිල වෙබ් අඩවියෙන් ( https://www.arduino.cc/ ) හෝ බලයලත් බෙදාහරින්නන් හරහා ලබා ගත හැකිය.

 

Arduino වලින්  මොනවද කරන්න පුලුවන්? 

  • ඉලෙක්ට්‍රොනික උපාන්ග 2ක්  එකිනෙකට සම්බන්ධ කර එම උපාන්ග අතර අන්තර් සම්බන්ධතාවක් පවත්වා ගැනීම.

  • විදුලි පහන් සහ උපාංග හෝ වෙනත් ඕනෑම විද්‍යුත් පරිපතයක් පාලනය කිරීම.

  • රොබෝ තාක්ෂණය සඳහා යොදා ගැනීම.

  • අන්තර්ජාලයට සම්බන්ධ උපාංග වර්‍ධනය කිරීමට.

  • Fingerprint Scanner, Face Recognize Scanner,  Light Sensitive Scanner නිපදවීමට.
     
  • මීට අමතරව නගර සැලසුම් කිරීම, අන්තර්ජාලයට සම්බන්ධපැළඳිය හැකි උපාංග නිපදවීම, සෞඛ්‍ය , විවේක, අධ්‍යාපනය, රොබෝ විද්‍යාව යනාදී ක්ෂේත්‍රයන්හි ව්‍යාපෘති සංවර්ධනය කිරීමට Arduino යොදාගන්නවා.




 Arduino පටන් ගන්න මොනවද ඕන?

  1. Arduino UNO පරිපතයක්
    ==> Online (
    https://www.arduino.cc/ )  හෝ බලයලත් බෙදාහරින්නන් හරහා මිලදී ගත හැකිය

  2. USB Cable එකක්

  3. පරිගණකයක් (Windows 10, Windows 8, Windows 7, MacOS, LinuxOS)

  4. Arduino IDE මෘදුකාංගය
    ==> මෙතනින් ලබාගන්න

  5. Programming Language එකක තරමක දැනුමක් (C++, Python, C)



    **ඉහත සඳහන් කරපු ඒවා නැති උනත් (පරිගණකයක් හා Programming Language එකක තරමක දැනුමක් අත්‍යවශ්‍යයි. ) දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට මූලික Arduino  ව්‍යාපෘති physically නැතුව vertually develop කරන්න පුලුවන්.
    මේ සඳහා Arduino Simulator අපට පාවිච්චි කරන්න පුලුවන්.  Arduino Smulator ගැන ඊළඟ arduino post එකෙන් කියාදෙන්නම්.





Comments

Popular posts from this blog

Arduino Project 3 - හොරු අල්ලන්න Alarm එකක් හදමු. (Theft Alarm Indicator)

How to install XAMPP on linux?

Begining with GitHub