Arduino Simulator ගැන දැනගමු 🙂

 මොකක්ද මේ Simulator එකක් කියන්නෙ?

    Simulator එකක් කියන්නෙ ඇත්ත ලෝකයේ තියෙන යන්ත්‍රයක්, වාහනයක්, වැඩසටහනක් හෝ ඕනෑම දෙයක් අනුකරණය කරලා හදන පරිගනකගත වැඩසටහනක්. ලෝකයේ විවිධාකාර වැඩසටහන් වලට මේ Simulators භාවිතා කරනවා. විශේෂයෙන්ම ඇත්ත ලෝකයේ අනතුරුදායක බව වැඩි රැකියා වල පුරුදු පුහුනු කිරිමට Simulators භාවිතා කරනවා.

උදා : 

  • ගුවන් නියමුවන් පුහුණුකිරීමට
  • අභ්‍යවකාශ ගගනගාමීන් පුහුණුකිරීමට
  • සොල්දාදුවන් සඳහා යුදටැන්කි, බර අවි  පුහුණුව ලබාදීමට
  • ඇතැම් රටවල් වල රියැදුරු පුහුණුව ලබාදීමට
  • නගර සැලසූම් කිරීමට 

     ඉහත සඳහන් කරපු ඒවාට අමතරව තවත් බොහෝ වැඩ වලට Simulators භාවිතා කරනවා.

Simulator වල වාසි

  1. අනතුරුදායක බව නැති පරිසරයක් තුල පුරුදු පුහුණු වීමට හැකිවීම.
  2. කාලය සහ මුදල් ඉතිරිවීම.
  3. ත්‍රිමානව සහ ද්විමානව ඉදිරිපත් කලහැකි වීම.
  4. නිරන්තරයෙන් වෙනස්වන පරිසරයක් නිර්මාණය කිරීමට ඇති හැකියාව.
  5. නිවැරැදි බව වැඩි පරිසරයක් නිර්මාණය කිරීමට ඇති හැකියාව.

 Arduino Simulators

    Arduino Simulator එකෙන් භෞතික උපාංග නැතුව අපට පුලුවන් Arduino පරිපතයක් හදාගන්න. මේ Simulator මගින් අපට මුදල් වගේම වටිනා කාලයත් ඉතුරු කරගන්න පුලුවන්.

හොඳම Arduino Simulators 7ක් පහලින් 👇

 

  1. Tinkercad Circuits

    • Tinkercad icon
      Developer : AutoDesk
    • Type : Online
    • Price : Free
    • Support to : Any OS with web


      >> Go to Tinkercad Web <<


  2. Virtual Breadboard & Avatar Hardware

    • Developer : James Caska
    • Type : Offline, online (free beta version)
    • Price : App is free, Avatar hardware is ~$10, with a 1-year Pro subscription for ~$36
    • Support to : Windows


      >> Download Virtual Breadboard <<


  3. SimulIDE


    • Developer : Santiago Gonzales & Popov Alexey
    • Type : Offline
    • Price : Paid version has tiered pricing (~$1-$11/month +VAT), community version is free
    • Support to : Windows 32- or 64-bit, Ubuntu, MacOS (with Wine)


      >> Download SimulIDE <<


  4. PICSimLab

    • Developer : Luis Claudio Gambôa Lopes
    • Type : Online & Offline
    • Price : Free
    • Support to : Windows 32- or 64-bit, Ubuntu, MacOS


      >> Download PICSimLab <<


  5. Wokwi

    • Developer : Uri Shaked
    • Type : Online
    • Price : Free
    • Support to : Any OS with web


      >> Go to Wokwi Web <<


  6. UnoArduSim

    • Developer : Stan Simmons
    • Type : Offline
    • Price : Free
    • Support to : Windows


      >> Download UnoArduSim <<


  7. IO Simulator

    •  
    • Developer : Xevro Software (Louis D’Hont & Marc Van Den Berge)
    • Type : Offline
    • Price : Free & Paid
    • Support to : Windows, MacOS


      >> Download IO Simulator <<

 

        ඉහත Arduino Simulator වලින් Arduino මුලින්ම පටන්ගන්න බලාපොරොත්තු වන කෙනෙකුට Tinkercad Circuits වඩාත්ම සුදුසු වේ. Tinkercad Circuits වලින් පලවෙනි Arduino පරිපතය නිර්මාණය කරන විධිය ඊලග post එකෙන් කියන්නම්. ❤️

 

 

 

 

 

Comments

Popular posts from this blog

Arduino Project 3 - හොරු අල්ලන්න Alarm එකක් හදමු. (Theft Alarm Indicator)

How to install XAMPP on linux?

Begining with GitHub